Breaking News
recent

කාදිනල් මැල්කම් රංජිත් පියතුමා සිංහලේ පිළිබද ප්‍රකාශය සම්බන්ධයෙන් “සිංහලේ ජාතික බලමුළුවේ” නිවේදනය.

2016 ජනවාරි 11 වන දින කාදිනල් මැල්කම් රංජිත් පියතුමා සිංහලේ පිළිබදව කළ ද්වේශ සහතත ප්‍රකාශය සම්බන්ධයෙන් “සිංහලේ ජාතික බලමුළුවේ” නිවේදනය.
රාජ්‍ය වර්ෂ 1948 දක්වා සිංහලේ ලෙස හැදාන්වූ වත්මන් ලංකාව නැමැති අපේ රට තුළ සිංහල, දෙමළ, මුස්ලිම් මෙන්ම බෞද්ධ, හින්දු, ඉස්ලාම්, කතෝලික ආදී ජනාව ආගම් බේදයකින් තොරව සිංහලේ ප්‍රතිපත්ති පිළිගෙන කටයුතු කළ අතර එලෙසම ඉදිරියටත් ශ්‍රේෂ්ඨ මානව සංහතියක් ලෙස ගොඩ නැගෙනු වස් අප විසින් ඇතිකර ගන්තා වූ සිංහලේ සංකල්පය පිළිබදව ඔබතුමා තුළ ඇති වූ අනවබෝධය පිළිබදව අප පුදුම නොවන්නෙමු. මන්ද මේ රට තුළ ක්‍රි.ව. 1505න් පසුව සිංහලයන් සිංහලකමෙන් මෙන්ම බෞද්ධයන් බෞද්ධකමෙන් ද ඈත් කිරීමේ කූට හා සදාචාර විරෝධී නින්දිත උත්සාහයේ නිරත වූ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් පවා අපේ රට 1818 දී උඩරට ගිවිසුමෙන් යටත් කරගත් ගිවිසුමේ 13න් ස්ථානයක සිංහලේ රට පිළිබදව නැවත නැවතත් සටහන්ව ඇත. එමෙන්ම ඔවුන් නාමික නිදහසකින් අපේ රට නැවත 1948දී අප වෙත භාර දුන්නේද සිංහලේ රට ලෙසිනි. අප දන්නා පරිදි මේ රටේ බෝ කොට ගිය කලු සුද්දන් විසින් පර සුද්දන්ටත් එයා ගිය වෛරයක් සිංහලේ පිළිබදව පැවතීම අරුමයකි.
සංවිධානයක් ලෙස අප පුන පුනා සියලු ජාතීන් හා ආගමිකයන් සහයෝගයෙන් ජීවත් විය යුතුයැයි කායා සිටියදී ඔබතුමා හුදු දේවරාජික මනෝ ලෝකයක සිට ජාතීන් හා ආගමිකයක් ලෙස බෙදා වෙන් කිරීමේ චේතනාවෙන් කළ ප්‍රකාශය අප තරයේ හෙලා දකිමු. තවද ජාතිය හා ආගම මුල්කරගනිමින් වත්මන් දේශපාලනයේ නිතර වන දෙමල මුස්ලීම් ජනවර්ග වලටත් ඔවුන්ගේ දේශාපලන පක්ෂ තහනම් කරන ලෙස කළ ප්‍රකාශය ඔවුන්ට එල්ල කළ මරු පහරක් ලෙස අප දකිමු. ඔබතුමන්ගේ මෙම ද්වේෂ සහගත ප්‍රකාශය අප රටේ ජීවත්වන සිංහල ‍කතෝලික හා ක්‍රිස්තියානි ජනතාව තව දුරටත් සිංහලත්වයෙන් ඈත් කොට සම්පූර්ණයෙන බටහිර ගැති වහලුන් බවට පත් කිරීමේ පත් යටි අරමුණක් ඇති බව මොනවට පැහැදිලිය.
එපමණක්ද නොව පසුගිය දින කිහිපය තුළ සිංහ‍ලේ සංවිධානය තහනම් කර දැමීම සදහා විවිධ අන්තවාදී හා අවස්ථාවාදී කල්ලි කණ්ඩායම් විසින් සිංහලේ පිළිබද පදනම් විරහිත අයිතිවාසිකම් කියමින් නානාවිධ උත්සාහයන් දරමින් සිටිති. එම පහත් උත්සාහයට ඔබගේ මෙම වෛරී ප්‍රකාශයද එක්වීම ආගමික නායකයෙක් ලෙස ඔබ විසින් පසුතැවිය යුතු කරුණකි. කෙසේ වෙතත් 2016.01.18 වන සදුදා දින කාදිනල්තුමා සමග සිරිල් ගාමිණී පියතුමන් විසින් ලබා දීමට පොරොන්දු වූ සාකච්ඡාවේදී වැඩිදුර කරුණු පැහැදිළි කිරීමට අප බලාපොරොත්තු වෙමු.
තෙරුවන් සරණයි…

Sinhale

Sinhale

3 comments:

  1. අපේ ස්වාමින් වහන්ස .... ඔබ වහන්සේගේ වැඩ පිලිවල ඉතාමත් පැහැදිලි ... මාගේ අරමුණද, මගේ මනසට වැටහී තිබු දෙයද මෙයමය ... ඒ අනුව ඔබවහන්සේට පිරිසිදු සිතින් මෙත් පැතීම සහ මා දන්නා , හැකි සෑම අයුරකින්ම ඒ මාර්ගය අනුගමන කරමි...දන්නා හදුනන හැම දෙනාම ඒ මාර්ගය පහදා දෙමි ... ඔබ වහන්සේ ඇතුළු නන් අයුරින් සහය වන්නා වූ සැමට තෙරුවන් සරණයි

    ReplyDelete
  2. kadinal ranjith kiyanne koti salliwalata ratapawadena kuhakayek. Oyawage Amanayata penne nedda mannarame inna ungema paliyo koti salliwalata kotinta kade yana eka. ratin elawala danna one me wage amana unwa

    ReplyDelete
  3. කාදිනල් මැල්කම් යන අයගේ මුල් ප්‍ර‍කාශයේ සම්බන්ධයක් (link) එකකකුත් දැම්මනම් හොඳයි, නොදැක්ක අයටත් එක්ක මේ මාෆියාවේ තරම වටහාගන්න.

    ලෝකයක් අවි අමෝරාගෙන් එද්දීත් නොබියව් පාප් වහන්සේට උනත් නොබියව කිව යුතු දේ කියන ඔබවහන්සේලා ලැබීම ජාතියේම පිනක් අපේ හාමුදුරුවනේ.

    ReplyDelete

Powered by Blogger.