Breaking News
recent

සිංහලේ ජාතික බලමුළුවේ “රථ පෙළපාලිය“ හා “අධිෂ්ඨාන පුජාව“ අති සාර්ථකයි


සිංහලේ ජාතික බලමුළුව විසින් සංවිධානය කළ රථ පෙළපාලිය හා අධිෂ්ඨාන පුජාව අති සාර්ථකව ඊයේ දින (23) පැවැත්විය. කොළඹ නිදහස් චතුරශ්‍රය ආසන්නයෙන් 8.30 ට පමණ ගමන් ඇරඹු රථ පෙළපාළිය නුවරට ළගාවන විට 4.30 පමණ වුනු අතර එ අතර මගදි  නගර කිහිපයකදීම පිළිගැනිමේ උත්සවද සංවිධානය කර තිබුනි. 

බොහෝ සාමකාමිව සංවිධානය කර තිබු මෙම රථ පෙළපාලියට මාවනැල්ලේදි පොළිසිය විසින් වෙනත් අතකට යොමු කරන්නට උත්සහ කළත් සමස්ථයක් වශයෙන් කොළඹ සිට නුවර දක්වා, ගමනේදි පොලිසිය විසින් ඉතා සහයෝගයක් අප සංවිධානයට ලබා දෙන ආකාරය දැක ගන්නට ලැබුණි. 

මාළිගාව අසලදි, සිංහලේ සංවිධානය විසින් රැග‍ෙන ගිය නියම සිංහලේ කොඩිය පිළිගත නොහැකි බවත්, එය මාළිගාව පරිශ්‍රයට රැගෙන යාමට ඉඩ දිය නොහැකි බවත් පොලිසිය පැවසීම හේතුවෙන් උණුසුමි තත්වයක් ඇති වුනු අතර කෙසේ වුවද පසුව නියම සිංහලේ කොඩිය රැගෙන යාමට අපට හැකිවිය. ඉන් පසු සිංහලේ ජාතික බලමුළුවෙි සභාපති පුජ්‍ය යක්කලමුල්ලේ පවර ස්වාමින් වහන්සේ , මහලේකමි පුජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක ස්වාමින් වහන්සේ ඇතුලු මහ සංඝරත්නය දළදා සමිදුන් වැපුදා ගත්හ. පසුව රැස්ව සිටි අති මහත් සිංහලයන් වෙනුවෙන් සිහලේ ජාතික බලමුළුවෙි ප්‍රතිඥාව ලබා දි දිවි හිමියෙන් මේ සිංහලය රකින්නට පොරොන්දු විය. 

මෙම සමිබන්ධ වැඩිදුර ඡායාරෑප හා විඩියෝ අප ඉතා ඉක්මනින් වෙබි අඩවිය හරහා යාවත්කාලින කරනු ලැබෙි. සිංහලේ නාමයෙන් සිංහලය රකින්ට සිංහලේ ජාතික බලමුළුව හා එක්වු සිංහලේ කකියන නියම සිංහලයන්ට අපගේ උපහාරය. 













Sinhale

Sinhale

2 comments:

  1. niyamai apita video tikakuth denna..

    ReplyDelete
  2. Niyamai niyamai. Ath eka k kiyannam politics lagata ganna epa.kisima desapalana karayek minster kenek.mewata lan karaganna epa
    ...ahema unoth api mewata na.....

    ReplyDelete

Powered by Blogger.