Breaking News
recent

දේශයේ මුර දේවතාවුන් අනතුරේ, නාමික නිදහසේ වහළුන් නොවී සිංහලේ නාමයෙන් එක්වෙමු


“මේ කහරෙදි හමුදාව ඉන්නකල් අපට මෙ රට යටත් කරගන්න බෑ” එදා ඉංග්‍රිසී යටත් විජිත ඒජන්තයා බ්‍රිතාන්‍යයේ තම ප්‍රධානින්ට එසේ ලීවේ මේ රට ජාතිය ජනතාව රකින මුර දේවතාවුන් වූ මහා සංඝරතන්ය ගැනය. මේ රට අවි බලයෙන් යටත් කර ගත්තද සිතුම් පැතුම් වලින් ස්වදේශික ජනයා තමන්ට නතු කරගැනීමට නොහැකි වූ එකම බාධකය ජාතිය රකින රන් වැට වූ මහ සගරුවන බව ඔවුන් දැන සිටියහ. භික්ෂූන් වහන්සේ දස දහස් ගණනින් ශාරීරිකව ඝාතනය කර, වෙහෙර විහාර ගිනිතබා භික්ෂුව මූලිකව පන්සල කෙන්ද්‍රකරගෙන සංවිධානය වූ මෙරට විශිෂ්ඨ සමාජ වියමන විනාශ කර දමා සිංහලයා රැකවරණය අහිමි අනාථයන් පිරිසක් කර තමන්ගේ යටතට ගැනීමට ඔවුන් නොකළ දෙයක් නැත. එහෙත් සියවස් දෙකක් තිස්සේ ඇදී ආ අති බිහිසුණු සංහාරයකින් පසුවත්, තමන්ට වන්දිභට්ටකම් කරන සුළුතරයක් කලු සුද්දන් පිරිසක් බිහිකරගත්තා හැර මෙරට සමාජයම තමන්ගේ ග්‍රහනයට ගැනීමට අධිරාජ්‍යවාදීන්ට නොහැකි වූයේ දේශයේ මුර දේවතාවන් වූ මහ සගරුවන පණ දෙවැනි කොට පෙරමුණ ගනිමින් පරසතුරු උවදුරු වලට එරෙහිව අභීතව නැගී සිටිමෙන් ජාතික සටනට නායකත්වය දුන් බැවිනි.

සියවස් ගණනකින් පසු අදත්,

මේ රට දෙකඩ කර තමන්ට අවශ්‍ය ආකාරයෙන් නැටවෙන යටත් විජිතයක් කර ගැනීම සදහා අධිරාජ්‍යවාදයේ නූතන මෙහෙයුම දියත් වෙමින් පවතින අවස්ථාවක එදා මෙන්ම අදද තම ද්‍රෝහී මෙහෙයුමට එරෙහිව මහ පවුරක්ව නැගී සිටින්නේ මහා සංඝරත්නය බව සුද්දන් හා ඔවුන්ගේ දාසයන් වූ කලුසුද්දන් හොදින් සපථ කරගෙන සිටිති. එදා ශාරීරිකව ඝාතනය කර භික්ෂූව නමැති අසහාය චරිතය නිහඩ කර ජාතියට තිබූ රැකවරණය අහිමි කිරීමට දැරූ උත්සාහය අද පැමිණ තිබෙන්නේ සුද්දන්ම තැනූ කලු සුද්දන් රකින නීතියේ නාමයෙනි.

නීතියෙන්, අණපනත් වලින් භික්ෂූව මර්ධනය කර ව්‍යවස්ථා මර උගුල්වලින් මේ රට දෙකඩ කිරීමට දරණ ඒ ද්‍රෝහී මෙහෙයුමට එරෙහිව ජනතාව පෙළ ගැස්වීමේ ජාතික යුතුකම වෙනුවනුත් 1948 පෙබරවාරි 4 දා නාමිකව පමණක් අපට හිමිකරදුන් ව්‍යාජ නිදහසේ යථාර්තය ජනතාව හමුවේ තැබීමටත් “සිංහලේ බලමුළුව” එළඹෙන පෙබරවාරි 4වනදා කොළඹදී පෙළගැසීමට නියමිතය.

රටත් දැයත් සසුනත්, දැය සසුන රකින මහ සගරුවනත් අනතුර අභියස සිටින මේ තීරණාත්මක මොහොතේ සිංහලේ නාමයෙන් එක්වන්නැයි සිංහලේ දේශවාසී දූ පුතුන්ගෙන් අප ඉල්ලා සිටින්නෙමු.

ස්ථානය ඉදිරියේදී දැනුම් දෙනුලැබේ.
Sinhale

Sinhale

No comments:

Post a Comment

Powered by Blogger.