Breaking News
recent

වැලිමඩ දිව්රන්ගල බෝධීන් වහන්සෙ ඝාතනය කළ අන්තවාදීන්ට එරෙහිව සිංහලේ ජාතික බලමුලුව වැලිමඩ ජනතාව සමග


වසර 2800 වඩා පැරණි ඓතිහාසික බදුල්ල වැලිමඩ දිව්රන්ගල බෝධීන් වහන්සෙ ඝාතනය කළ අන්තවාදීන්ට එරෙහිව සිංහලේ ජාතික බලමුලුව වැලිමඩ ජනතාව සමග.

ඒ වෙනුවෙන් සංවිධානය කළ විරෝධතාවය බදුල්ල නුවරඑළිය මාර්ගයේ ගමන් කරමින් සාප්පුකඩේ මංසන්ධියට පැමිණ පසුව නැවත හැරී නුගතලාව මංසන්ධියට ගමන් ගත්තේය. අනතුරුව නුගතලාව මංසන්ධියේ පැවැත්වූ විරෝධතාවයෙන් පසු විරෝධතාවය නිමා විය.


මහ වැසිද නොතකා විශාල පිරිසක් සහභාගී වී සිටි මෙම විරෝධතාවයේදී විරෝධතා කරුවන් ප්‍රකාශ කර සිටියේ වර්ෂ සිය ගණනක් තමන් වැදුම් පිදුම් කල බෝධිය කපා කෝවිලක් සෑදීමට කටයුතු කරන විහාරාධිපති හිමියන් හට කිසිසේත් විහාරස්ථානයට නැවත පැමිණීමට ඉඩ නොතබන බවත් දිවි පරදුවට තබා හෝ තමන් මෙම සටන ගෙන යන බවත්ය. මේ අවස්ථාවට අප සිංහලේ ජාතික බලමුළුවේ සභාපති අති පූජ්‍ය යක්කලමුල්ල‍ේ පවර, ජාතික සංවිධායක අරඹේප‍ොල රතනසාර, දෙහිගස්පෙ ප්‍රේමරතන හිමිවරු ඇතුලු පිරිසක් සහභාගී විය.

2013 වසරේදී මෙම ස්ථානයේ සීතා දේවිය වෙනුවෙන් දේවාලයක් ඉදි කරන බවට ඉන්දියාව ප්‍රකාශ කර තිබිණ. ඒ පුවත පහතින්.

Sinhale

Sinhale

No comments:

Post a Comment

Powered by Blogger.