Breaking News
recent

රණවිරුවන්ට තර්ජණය කරන බෙදුම්වාදී රූකඩයන්ට එරෙහිව සිංහලේ පෙරට


නැගෙනහිර මහඇමති නසීර් අහමඩ් නම් දේශපාලන අදබාලයා විසින් නැගෙනහිර සාම්පූර් නාවික කඳවුරේ ප්‍රධානී කපිතාන් ප්‍රේමරත්න මහතාට නින්දිත ලෙස ප්‍රසිද්ධ වේදිකාවේ බැණ වැදී අපහාස කිරීම යළි හිස ඔසවා ඇති බෙදුම්වාදීන්, හා නිවට පාලකයන් විසින් දිගින් දිගටම ත්‍රිවිධ හමුදා රණවිරුවන්ට එරෙහිව සිදුකරමින් පවතින කෙණෙහිළිකම් මාළාවෙ තවත් එක සිදුවීමක් ලෙස සළකා බැහර කළ නොහැකි වන්නේ මේ මොහොතේත් නැගෙනහිර පළාතේ ආරක්ෂාව භාර ප්‍රධානියෙකුට කරන ලද තර්ජණය සමස්ථ ආරක්ෂක අංශයටම කළ තර්ජණයකට සමාන වන බැවිනි. 

විසිහත්දාහක් රණවිරුවන ජීවිත පරිත්‍යාගයෙන් දිනා දුන් මාතෘභූමියේ විජයග්‍රහණය සැමරීම පවා අවලංගු කෙරූ වත්මන් පාළකයන් එම ඓතිහාසික දිනය බෙදුම්වාදීන්ගේ "ජන සංහාර" සැමරුම බවට පත් කරමින් ත්‍රස්තවාදයට එරෙහි මානුෂීය මෙහෙයුම් ජන සංහාරයක් ලෙස ජාත්‍යන්රයේ හුවා දක්වා මිලේච්ඡ ත්‍රස්වාදය සාධාරනීකරණය කර දේශය වෙනුවෙන් ඇස්, මස්, ලේ දන් දුන් රණවිරුවන් මිනීමරුවන් ලෙස හංවඩු ගහද්දී කකියන ලෙයින් යුතු අප මහත් ආයාසයෙන් බලා සිටියෙමු. 

එබැවින් බෙදුවාදයට උඩගෙඩි දෙමින්,බෙදුම්වාදී රූකඩ ඉදිරියේ දේශයේ විරුවන් හෑල්ලු කරමින් වත්මන් පාලනය විසින් දිගින් දිගටම ගෙනයන නිවට නියාළු ප්‍රතිපත්තියට එරෙහිව මහාජන නැගීටීමකට පෙර ආරක්ෂක හමුදාවට අණදෙන සේනාධිනායකයා ලෙස, තමන් නිවටයෙකු නොවේනම්, මාතෘ භූමිය වෙනුවෙන් ජීවිත කැප කළ රණවිරුවන්ට අපහාස කරමින් සමස්ථ ජාතික ආරක්ෂාවටම තර්ජණය කරන අමනයන්ට එරෙහිව වහාම පියවරක් ගන්නා ලෙස අප ජනාධිපතිවරයා ප්‍රමුඛ බලධාරීන්ට බලකර සිටිමු.නමුත් තව දුරටත් මාතෘභූමිය වෙනුවෙන් ජීවිත දන්දුන්, මාතෘභූමියේ ඒකීයත්වය වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින රණවිරුවන්ට නින්දා අපහාස සහ තර්ජණය කිරීමට, බෙදුම්වාදී රූකඩයන්ට හා එදා ත්‍රස්තවාදය හමුවේ නිවටට ඇදන් යට රිංගානෙ සිටි අද දේශපාලන බලයෙන් මත්වූ නිර්ලැජ්ජීත දේශපාලකයන්ට ඉඩ දී නිවටයන් සේ බලා හිදීමට මේ රටේ කළගුණ දත් දේශප්‍රේමී ජනතාව සූදානම් නැත.

Sinhale

Sinhale

No comments:

Post a Comment

Powered by Blogger.