Breaking News
recent

ඉවැන්ජලික ඊළාම් කල්ලියක්, කිලිනොච්චියේ බුද්ධ ප්‍රතිමාවක් විනාශ කරයි !


දෙමල විමුක්ති හමුදාව නමැති සංවිධානයක් මගින් A9 මාර්ගයේ,කිලිනොච්චිය කනගරායන්කුලම් කාලි කෝවිල තුල ඉදිකර තිබු බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් විනාශ කර තිබෙනවා.

අද (30) හිමිදිරියේ මෙම සිදුවීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ. පෙන්තකොස්ත ක්‍රිස්තියානි කණ්ඩායමක් විසින් බෞද්ධ හින්දු එකමුතුව කඩාකප්පල් කිරීම සදහා මෙලෙස පහර දී ඇතැයි ශ්‍රී ලංකා හින්දු සම්මේලනයේ සභාපති එන් අරුනකාන්ත් මහතා පවසනවා.

කිසියම් පුද්ගලයෙක් අද හිමිදිරියේ දුරකථන ඇමතුමක් ලබාදී බෞද්ධ හිංදු එකමුතුව සෑදීම සදහා උතුරට නොඑන ලෙසත් බවයි එසේ පැමිණියහොත් වෙඩිතබා මරා දමන බවටත් ඒ මහතා සදහන් කර සිටියේ. කුමන බාදක පැමිණියත් මේ රටේ සැබෑ සහජීවනය වෙනුවෙන් බෞද්ධ හින්දු එකමුතුව ශක්තිමත් කිරීමට කටයුතු කරන බවයි වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සදහන් කර සිටිය.

මේ සඳහා රජයේ පාර්ශවයෙන් කිසිදු මැදිහත් වීමක් සිදුනොවන අප හොදින්ම දන්නා බැවින් නිරතුරැවම වචන හරඹ, මාධ්‍ය සංදර්ශණ නැතිව සිංහල බෞද්ධයාගේ අයිතිය වෙනුවෙන් එකහෙලා පෙනී සිටින සිංහලේ ජාතික බළමුළු මෙි සිදුවීම සදහාද අවශ්‍යවන මැදිහත් වීම සිදුකිරීමට සූදානම්. ඒ වෙනුවෙන් හෙට (31) සිංහලේ ජාතික බලමුළුව උත්රට ලගා වනු ඇත. 

සිංහලේ අපේ බෞද්ධ අයිතිය රැකගන්න කතා කරන්න අපිට - 0713666648
Sinhale

Sinhale

No comments:

Post a Comment

Powered by Blogger.