Breaking News
recent

“සිංහලේ නිදහස් උත්සවය“ හෙට (පෙබ 04) කූරගලදි - සිංහලේ ජාතික බලමුළුව


සිංහලේ ජාතික බලමුළුව විසින් එළඹෙන පෙබ 04 නිදහස් දින සැමරුම කූරගල ඓතිහාසික පුදබිමේදී සිදුකිරීමට නියමිතව ඇත. “නාමික නිදහසින් සැබෑ නිදහසක් සොයා යමු” යන තේමාව යටතේ මෙම නිදහස් දින සැමරුම සංවිධානය කරනු ලැබෙි.

පෙබරවාරි 04 වැනිදා කොළඹ නිදහස් චතුරඝ්‍රය අසලින් ඇරඹෙන රථපෙළපාලිය නව මාර්ගය අවිස්සාවේල්ල ඔස්සේ ගමන් ඇරඹීමට නියමිතව ඇත. එහිදී ප්‍රධාන නගරවලදි කූරගල නිදහස් සැමරුම වෙනුවෙන් ජනතාව දැනුවත් කිරීමට නියමිතව ඇති අතර ඒ සඳහා රථ පෙළපාලිය හා එක්ව යෑමට සියළු දෙනාට සිංහලේ ජාතික බලමුළුව ආරාධනා කර සිටියි.

එදින පස්වරුවේ කූරගල ඓතිහාසික පුදබිමේදී සිංහලේ ධජය ඔසවා කූරගල ඓතිහාසික පුදබිම පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට නියමිතව ඇත.

සිංහලේ සැබැ නිදහසක් ලබා ගැනීම වෙනුවෙන් දිවි හිමියෙන් සටන් කරන්නට කැපවි සිටින සිංහලේ ජාතික බලමුළුව සමග එක් වක්වන්නට කැමති සිංහලේ සිංහලයන්ට පහත දුරකථන අංකයට අමතා අප හා සමිබන්ධ විය හැක. 

විමසීමි - 0713666648
Sinhale

Sinhale

1 comment:

Powered by Blogger.