Breaking News
recent

පන්නිපිට බෝ සමිදුන් නැවතත් අපවත් කිරීමට සියල්ල සූදානම්.


ඉපැරණි පන්නිපිටිය බෝ සමිදුන් හෙට දිනයේ(2017-03-10) කපා දැමීමට සියළු පිඹුරුපත් සකස්වී අවසන්. උසාවිය, ප්‍රදේශයේ ශාසණාරක්ෂක සභාවත් එයට අනුමැතිය දී ඇති බව අපට දැනගන්නට ලැබී ඇත. ඉතා ආවාසනාවන්ත කරුණ වනුයේ ඇහැළියගොඩ ප්‍රදේශයේ පල්ලි කඩන්නට සිදුවන හෙයින් පාර පළල් කිරීම වෙනුවට පිටත වටරවුන් මාර්ගයක් ඉදි කරමින් පැවතිමයි. මරක්කලයාන්ගේ හා දෙමුළුන්ගේ ආගමික ඉදිකිරීම් වලට මෙතරම් සැලකිල්ලක් දක්වන නූතන පාලකයන් වසර 400 පමණ ඉතිහාසයක් ඇති පන්නිපිටිය බෝ සමිදුන් කපා දැමීම වෙනුවට බොධිය මැදිවන් සේ පාර පළල් කිරීමට යෝජනා සම්මතකර තිබියදීන් ඒ වෙනුවට බෝධියම සිඳ දැමිය යුතුයැයි සම්මතයේ පිහිටා කටයුතු කිරීම සිදුවන්නේ කුමන බලපෑමි මතද යන්න පැහැදිලිය. ඊටත් වඩා අවාසනාව නම් එකී උරුමයන් සුරකීමේ පෙරමුණ ගත යුතු සංඝයාත් එයටම පාර කපා නිහඩ වීමත්ය.

මීට පෙර අවස්ථාවකදි එනමි 2016 - 12 -18 වන දින මෙම බෝදීන් වහන්සේ කපා දැමිමට සැරසුනද එයට සිංහලේ ජාතික බලමුළුව ඇතුලු ජාතික සංවිධාන එල්ල වු බලවත් විරෝධය මත නතර කෙරැනු. 

එනිසා අපේ බොදු උරුමය සුරුකීමටනම්, බලා නොසිට අප වහ වහා එකමුතු විය යුතු නොවන්නේද...! සමගිය බළය වේ.. සිංහලේ තරුණයිනි හෙට උදේ 007.00 පන්නිපිටිය බෝ සමිදු අසලට වහ වහා රැස් වියවු..!

" වැටත් නියරත් ගොයම් කා නම්, කාට කියමුද ඒ අමාරුව....?

අරඹේපොල රතනසාර හිමි. මහ ලේකම් සිංහලේ ජාතික බළමුළුව.



Sinhale

Sinhale

No comments:

Post a Comment

Powered by Blogger.