Breaking News
recent

සිංහලේ අරමුණ


සිංහල ජාතියට සිදු වූ හා සිදුවෙන අසාධරණකම් හමුවේ ජාතියක් වශයෙන් නැගී සිටිම.

01. අරමුණ :-

ජාතියක් වශයෙන් සිංහල ජාතියට වූ අසාධාරණකම් සහ කෙනෙහිලිකම් වලට  එරෙහිව ජාතියක් වශයෙන් නැගී සිටීම.

02.   දැක්ම :-

සංස්කෘතිය සහ සදාචාරාත්මක ලෙස අප රටට වු දරුණු ව්‍යවසායන්ට අප මුහුණ දුන්නේ ද , මුහුණ දෙන්නේ ද ඉතාමත් ඛේදනීය තත්වයකිනි. ඒ සදහා සිංහලේ පැහැදිලි දැක්මක් ඇත.

වැඩපිළිවෙල :-

        1- දේශන මගින් සිංහලේ බලමුළු සංවිධානය කොට සාමාන්‍ය
            ජනතාව දැනුවත් කිරීම. 
2- සිංහල ජාතියට වූ අසාධාරණකම් නිසා ආර්ථීකව ඇති වූ
            පරිහානියක් ඇත්නම් ඒ සදහා වැඩපිළිවෙලක් සැකසීම.         
3- සිංහල සමාජය තුල ආකල්පමය වෙනසක් කිරීම තුලින් සිංහල
            ජන සමාජය නගා සිටුවීම. 

සිංහලේ අයිතිය තහවුරු කිරීම

01. අරමුණ :-

ගිලිහුන සිංහලේ අයිතිය උදෙසා ඉපැරණි භූමිවල නම් වෙනස් වී ඇත. එකී නම් ගම් නැවත ස්ථාපිත කොට තහවුරු කිරීම.

02.  දැක්ම :-

අප රටේ  සිංහල ගම්බිම් වලට වූ ව්‍යවසායන් හදුනාගෙන ඒ සදහා සදාචාරාත්මකව සහ සංස්කෘතිය වශයෙන් සිංහල භූමියේ අනන්‍යතාවය රැකෙන පරිදි සුරක්ෂිත කොට සිංහලයට දායාද කිරීම.

වැඩපිළිවෙල :-

        1- සිංහල නම්ගම් මාර්ග  තවදුරටත් වෙනස් නොකිරීමට වග බලා
            ගැනීම.
2- අනවසර ඉදිකිරීම් සදහා විරුද්ධ වීම ඒ සදහා නෛතික
            ක්‍රීයාමාර්ග ගැනීම.
3- පෝස්ටර් , බැනර් , ප්‍රදර්ශන කවුළු සහ බලමුළු මගින් ජනතාව ඒ
            සදහා දැනුවත් කොට ඔවුන්ට නිසි අවබෝධයක් ලබාදීම.

4 comments:

  1. ජය සිංහලේ ගම් මට්ටමින් අපේ සිංහලේ ශක්තිය ගෙන යන්නටයි මේ කැපවීම

    ReplyDelete
  2. රටේ නම සිංහලේ ලෙස වෙනස්වියයුතුයි යන්න අරමුනුවල නැත්තේ ඇයි එය අතුලත් වියයුතුයි නේද?
    දෙමළ බසින් ශ්‍රී ලංකා යන්න පවා භාවිතා වන්නේ නැත. දෙමළ බසින් අදටත් ශ්‍රි ලංකා යන්න හඳුන්වන්නේ ඉලන්ගෙයි යනුවෙනි. අදටත් අපේ රටේ මුදල් නෝට්ටු වල පවා දෙමළ භාෂාවෙන් සඳහන්ව ඇත්තේ ඉලංගෙයි යනුවෙනි. එනිසා රටේ නම සිංහලේ ලෙස වෙනස් විම දෙමළ කතාකරන ජනයාට ගැටලුවක් විය නොහැක.
    සිංහලේ දෙමළ සිංහලේ මුස්ලිම් ලෙස සියලු ජන කොටස් ඔව්නොව්න්ගේ අනන්‍යතාවයන් සමගි කිරිමට ඇති මග රටේ නම සිංහලේ ලෙස වෙනස් කිරිමයි නව ව්‍යවස්ථා ගෙන එන ඔනැම පක්ෂයකට එසේ කිරිමට බලකිරිම සංවිධානයේ අරමුනු අතරට පැහැදිලිව එක්විය යුතුයි නේද?

    ReplyDelete
    Replies
    1. සිංහලේ යන්න 1948 විවස්ථාවෙන්ම අපට ලැබුණු නම. ඒ නිසාම තමයි සෙරන්ඩිබ්. සීලෑන්. ආදී නම් වලින් අදී සිංහලේ හැදින්වුයේ. සිංහලේ එක්වීම දරාගත නොහැකි කලු සුද්දන් අද සිංහයෙකුගේ ලේ වැනි පහත් දැක්මක් සිංහලේ වෙනුවෙන් උලුප්පවන්න උත්සහ දරනවා. නමුත් සිංහලේ සංවිධානය කිසි දිනක සිංහල නොවන පරගැතියන්ගේ පහත් ක්‍රියාවන් සදහා දන නොනමන බවත් සිංහලේ ශක්තිය නැවතත් ජීවමාන කරන්නට දරන උත්සහ කරන නොනවත්වන බවත් සතුටින් දැන්වීමට කැමතියි. එසේම සිංහලයාට සිංහලේ ශක්තිය දැණුන විට පර දේශපාලකයන්ට කල හැක්කක්ද නොමැති වගත් මතක් කරන්නට කැමැත්තෙමු.

      Delete
    2. සුද්දගෙ ක්‍රමෙට මෙක කරන්න ගිහින් අතිතයෙ සිට ඇන ගැනිමමයි වුනෙ. සින්හලෙ කියන්නෙ නාම පදයක් එක සන්විධානයක නමක් කියමුකො එහෙම තියාගෙන ඉදලා එක ජනප්‍රිය වුනාම අදාල සන්විධානය හදුන්වන්න අදාල නමම දෙමළ අයටත් මුස්ලිම් අයටත් සිදුවෙනවා. දැන් බලන්න කතොලික ආගමෙ පිටර් කියන නම සින්හලයට පරිවර්තනය කරනවිට පෙදුරු ලෙස පරිවර්තනය කලා, බුදු දහමෙ කියවෙන වෙශාලි නගරය සින්හලයට එන කොට විසාලා මහනුවර වුනා. එකෙන් කිසිම බාදාවක් වුනෙ නැ. ලන්කාවෙදිනම් එහෙම කියවෙන තැන හදුන්වහන්න නමුත් ඉන්දියාවට ගිහින් කියද්දි එකෙ ඔරිජිනල් එක වන වෙශාලි කියා ඇහුවොත් තමයි එහෙ මිනිස්සු දන්නෙ. ඔය දෙමල බසින් කියන වුන් ඔනා එකක් කියා ගත්තදෙන්. දෙශපාලුවන්ට ජැක්ගන්න සුද්දගෙ ක්‍රමෙට පාර්ලිමෙන්තුවෙන් කරන්න නෙමෙයි. අපිට දැන් බෞද්ධ රජෙක් ඔනාකරන කාලයිමෙක.ඔහු දුටුගැමුණු රජුවගෙ නුවුන හොත් තවටික කලකින් ඉන්දියාවෙ වගෙම බෞද්ධ නටබුන් පමනක් ඉතුරුවෙවි.

      Delete

Powered by Blogger.